මේ ආණ්ඩුවට උවමනා වෙලා තියෙන්නේ ගෙවල් ටික කඩන්න – රනිල් වික්‍රමසිංහ

Spread the love

ඔබේසේකරපුරදී පසුගියදා (28 සැප්.) පැවති ජනහමුවකදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ නාගරික ප්‍රදේශවල ජනතාවගේ නිවාස කඩා ඉවත් කිරිමට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරිමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවයි.
“මේ ආණ්ඩුවට උවමනා වෙලා තියෙන්නේ මහින්ද චින්තනය යටතේ මේ ගෙවල් ටික කඩන්න. දැන් ටිකක් නිෂ්ශබ්ද වෙලා ඉන්නවා කොළඹ ගෙවල් කඩන්නේ නැහැ කියනවා, ශ්‍රී ජයවර්ධපුර කෝට්ටේ ගෙවල් කඩන්නෙ නැහැ කියනවා. තාවකාලිකව ගෙවල් කඩන්නෙ නැහැ ඡන්දේ ඉවර වෙනකම්. එහෙනම් මේකට විරුද්ධව අපි යෝජනාවක් සම්මත කර ගන්නවා විතරක් නෙවෙයි මේ ගෙවල්වල ජීවත්වෙන ඒ අඩු ආදායම් ජනතාව දැන් නඩු කියනවා අපිත් ඒගොල්ලෝ එක්ක එකට එකතුවෙලා මේ නාගරික සංවර්ධන අධිකාරියට විරුද්ධව නඩු කියලා ඒ නඩුව දිනන්න උදව් කරනවා කියලා මම කියන්න කැමතියි” හෙතෙම පැවසීය.

RSL

Related Posts