මාත්‍රා 2ක් පමණක් ලබා ගන්නා පුද්ගලයන් Omicrone වලට ගොදුරු වීමේ ප්‍රවණතාවක්

Spread the love

කොවිඩ්-19 එන්නත මාත්‍රා දෙක පමණක් ලබා ගත් පුද්ගලයින් Omicrone වෛරසයට ගොදුරු වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර ජනතාව අතර පැතිර යන වැරදි තොරතුරු හේතුවෙන් තුන්වන මාත්‍රාව ලබා ගැනීමේ පැහැදිලි ප්‍රතිරෝධයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවැසීය.

එන්නතෙහි තුන්වන මාත්‍රාව සමඟ, “වෛරසය පැතිරීම, රෝහල් ගතවීම සහ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන රෝගීන් සංඛ්‍යාව අවම කර ගැනීමට අපට හැකි වනු ඇත,” ඔහු පැවසීය.

COVID-19 Omicrone ප්‍රභේදය මේ වන විට රට පුරා ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ඔහු පැවසීය. එබැවින් දෛනිකව වාර්තා වන COVID-19 ධනාත්මක රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවත්, රෝහල් ඇඳන් COVID රෝගීන්ගෙන් පිරී ඇති බවත්, දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන රෝගීන් සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට ලැබෙන බවත් ඔහු පැවසීය.

“ගමන් සීමා ලිහිල් කිරීම හේතුවෙන් Omicrone ප්‍රභේදය සීමාවකින් තොරව ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇත. සියලුම පාසල් විවෘතව පැවති අතර, එබැවින් බොහෝ ළමයින් ගොදුරු වන බවක් පෙනෙන්නට තිබුණි,” ඔහු පැවසීය.

වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට කොවිඩ්-19 එන්නතෙහි පළමු මාත්‍රාව පමණක් ලබාදීමට තීරණය කිරීමත් සමඟ ළමුන් අතර වෛරසය පැතිරයාමේ හැකියාවක් පවතින බව ඔහු වැඩි දුරටත් පැවසීය.

රටක් වශයෙන්, ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොතබමින්, තවත් අගුලු දැමීමකින් තොරව රට ගෙන යාමේ වගකීම අප භාර ගත යුතුය. එබැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සම්බන්ධයෙන් ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු අතර හැකි ඉක්මනින් COVID-19 එන්නතෙහි තුන්වන මාත්‍රාව වෙත යා යුතු බව වෛද්‍ය ආනන්ද මහතා පැවසීය

Related Posts