ජර්මානු ජාතික කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කරලා

Spread the love

කොල්ලුපිටිය මැරීන් ඩ්‍රයිව් හි හෝටලයකදී 32 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවක් දූෂණය කළ බව කියන ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, පෙම්වතා යැයි කියන පුද්ගලයකු තමාට මත්ද්‍රව්‍ය ලබා දී දූෂණය කළ බවට අදාළ කාන්තාව ඉරිදා (07) කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව ය.

පොලීසිය සඳහන් කළේ, සැකකරු සහ අදාළ කාන්තාව මැරයින් ඩ්‍රයිව් හි හෝටලයකට පැමිණීමට පෙර කොල්ලුපිටියේ අවන්හලකින් මත්පැන් පානය කර ඇති බවයි. මහනුවර ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා විසින් ජර්මන් ජාතික කාන්තාව මත්ද්‍රව්‍ය පානය කර දූෂණය කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.  පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.

මේ අතර තංගල්ල ප්‍රදේශයේ හෝටලයකදී ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් තවත් ජර්මන් ජාතික කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සංචාරක මග පෙන්වන්නෙකු වන සැකකරු ජර්මානු ජාතික කාන්තාව සමඟ තංගල්ල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි බව පොලිසිය පවසයි.

පසුගිය සෙනසුරාදා ප්‍රදේශයේ මාර්ගෝපදේශකයා විසින් තමා දූෂණය කළ බවට ඇය පොලිසියට පැමිණිලි කර ඇත. අදාළ කාන්තාව තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇත. සැකකරු බණ්ඩාරවෙල, ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.

Related Posts