බන්ධනාගාර රැඳවියන්ගේ සුභ සාධනයට නව වැඩපිළිවෙලක්

Spread the love

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා පැවසුවේ වසරකට බන්ධනාගාර ගතවන 27,000 ක්‌ පමණ වූ පිරිස අතරින් සියයට අසූවක්‌ පාසල් අධ්‍යාපනය 8 වන පංතිය සමත් නොවූවන් බවත් බන්ධනාගාර ගතවන පිරිස අතරින් සියයට පනහක පමණ පිරිසක්‌ නැවත නැවත බන්ධනාගාර ගතවන බවත් හඳුනාගෙන ඇති බවයි.

මේ අතර ඔවුන්ට විධිමත් අධ්‍යාපන වැඩසටහන් හඳුන්වාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග වටරැක බන්ධනාගාරය තුළදී ගිවිසුමකට පසුගියදා එළඹුණු බවද අමාත්‍යවරයා කීය.

විධිමත් අධ්‍යාපනයක්‌ ලබාදීම මගින් ඔවුන් නැවත නැවත බන්ධනාගාර ගතවීම අවම කර ගැනීමට බන්ධනාගාර අමාත්‍යාංශය අපේක්‍ෂා කරයි. යෞවන කටයුතු අමාත්‍යාංශය සමග ඒකාබද්ධව වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහනක්‌ ආරම්භ කිරීමට තවත් ගිවිසුමකට එළඹුණු බවද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

RSL

Related Posts