ප‍්‍රවීන සිනමාවේදී ටයිටස් තොටවත්තයන් අභවප්‍රාප්ත වෙයි

Spread the love

ප‍්‍රවීන සිනමාවේදී ටයිටස් තොටවත්ත මහතා ඊයේ (15 ඔක්.) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය. මිය යන විට ඔහු 82 වැනි වියෙහි පසුවිය.

වසර 1929 අපේ‍්‍රල් 17 වැනිදා බොරැල්ලේදී උපත ලද ඔහු මුලින් එම්මානුවෙල් ටයිටස් ද සිල්වා නම් විය. කොළඹ ආනන්ද විදුහලෙන් අධ්‍යාපනය ලද හෙතෙම ජේඞීඒ පෙරේරා හා ස්ටැන්ලි අබේසිංහ යටතේ කලාව හැදෑරීය.

තොටවත්ත මහතා 1956දී ලෙස්ටර් ජේම්ස් පීරිස් හා විලී බ්ලේක් සමඟ ‘රේඛාව’ චිත‍්‍රපටයට එක්වූයේ එහි සංස්කරණය සඳහායි. 1960 දශකයේදී සිංහල ක්‍රියාදාම් චිත්‍රපට සඳහා අධ්‍යක්ෂනයෙන් දායකවූ ඔහු 1965 වසරේදී නිර්මාණය කළ චන්ඩියා චිත්‍රපටය, කවුද හරි (1969) හා හාරලක්‍ෂය (1971) ඔහුගේ විශිෂ්ට නිර්මාණයන් අතර විය.

1970 දශකයෙන් පසු ළමා පරපුර සඳහා ඔහුගේ අතින් දැවැන්ත නිර්මාණයන් බිහි විය. වසර 1980දී ඔහු ලියා අධ්‍යක්‍ෂණය කළ හඳයා එම වසරේ හොඳම චිත‍්‍රපටය ලෙසින් සරසවි සම්මානය දිනාගත්තේය.

තොටවත්ත මහතා පසුව ඉංග‍්‍රීසි කාටූන් සහ චිත්‍රපටයන් සිංහල බසින් හඬකවා ඉදිරිපත් කල අතර, එළුසන් වැනි රූකඩ වැඩසටහන් ද හඳුන්වා දුන්නේය. මේවා ළමා පරපුර අතර මෙන්ම වැඩිහිටියන් අතරද එක සේ ජනප්‍රිය විය. ඔහුගේ එම නිර්මාණයන් අදටත් එකසේ ප්‍රේක්ෂකයන් රස වින්ඳනය කරයි.

RSL

Related Posts