ප්‍රංශයේ විදේශ කටයුතු සහ යුරෝපය භාර කටයුතු පිළිබඳ අමාත්‍ය කැතරින් කොලොනා මේ සතියේ ඉන්දියාවට පැමිණේ. ඇය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍ය කැතරින් කොලොනාගේ පළමු ඉන්දීය නිල සංචාරය මෙය වේ.අඟහරුවාදා ආරම්භ වන මෙම සංචාරයේදී ඇය කර්මාන්ත ප්‍රධානීන් හමුවීමට ද නියමිතය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ද්විපාර්ශ්වික, කලාපීය සහ අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ ජාත්‍යන්තර ගැටළු පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් විසින් ප්‍රංශයේ විදේශ කටයුතු අමාත්‍ය කැතරින් සමග සාකච්ඡා කරනු ඇති බවයි.

බ්‍රහස්පතින්දා, ප්‍රංශ විදේශ අමාත්‍යවරිය මුම්බායි වෙත ගමන් කරනු ඇත. එහිදී ඇය කර්මාන්ත නායකයින් සමඟ කර්මාන්ත ක්ෂේත්‍ර ඵලදායි ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය. එමෙන්ම මුම්බායි හිදී ක්ෂේත්‍ර චාරිකා සඳහා ද ඇය එක්වන බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඉන්දියාව සහ ප්‍රංශය අතර දිගුකාලීන උපායමාර්ගික හවුල්කාරිත්වයක් පවත්වාගෙන යයි. ඉහළ මට්ටමේ උපදේශන සහ විවිධ ක්ෂේත්‍රවල වර්ධනයන් දෙරට අතර දක්නට ඇත.මෙම වර්ධනයන් සඳහා දෙරටේ වෘත්තිකයන් ඉහල දායකත්වයක් දක්වයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසූයේ ඉන්දියාව හා ප්‍රංශය අතර වෙළඳාම, ආරක්‍ෂාව, දේශගුණය, සංක්‍රමණ සහ සංචලනය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන අංශ හරහා හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍ය කැතරින්ගේ ඉන්දීය සංචාරය මග පාදනු ඇති බවයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්