පළමු තරඟයට දකුණු අප්‍රිකානු කණ්ඩායම නම් කෙරේ

Spread the love

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ලබන 15 වෙනිදා ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා දකුණු අප්‍රිකානු සංචිතය ඊයේ නම් කෙරිණ.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නම් කළ ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නාකත්වය ග්‍රැහැම් ස්මිත්ට හිමිව ඇත. ඒ.බී. ඩිවිලියර්ස් උප නායකයා ලෙස නම් කර තිබේ.

ආරම්භක පිතිකරු අල්විරෝ පීටර්සන් නැවත කණ්ඩායමට කැඳවා තිබේ.
ඒ අනුව ඕස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අහිමි වූ ආරම්භක පිතිකරු අල්විරෝ පීටර්සන්ට නැවත කණ්ඩායමට පිවිසී‍මේ අවස්ථාව උදා වී තිබේ.
යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මර්චන්ට් ඩී ලැන්ග් ද පළමු වරට දකුණු අප්‍රිකානු සංචිතයට ඇතුළත් වීම විශේෂත්වයකි.
21 හැවිරිදි ලැන්ග් දකුණූ අප්‍රිකා පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූයේ පසුගිය වසරේදීය.

ඒ අතර වේග පන්දු යවන ලොන්වාබෝ සොත්සොබේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ‍පෝල් ඩුමිනි මෙම සංචිතයට ඇතුලත්ව නොමැත.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව සමග ලබන 9 ‍වැනිදා ආරම්භ වන තෙදින පුහුණු ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකා ආරධිත කණ්ඩායම් ‍පෝල් හැරිස් නම් කර තිබේ.

RSL

Related Posts