දේශපාලනයේදී සාමුහික වගකීම ඉතා වැදගත් – අමාත්‍ය නිමල් සිරිපාල
- RSL
- October 24, 2011
- Uncategorized
- 0 Comments
ඊයේ (23 ඔක්.) පෙරවරුවේ බදුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ පරාජය වූයේ පක්ෂ අභ්‍යන්තර ගැටුම් නිසා බවයි.
“නගර සභා කණ්ඩායමේ සාමුහික වගකීම සමඟිය ඉතාමත් වැඳගත්. අද එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන දේ දිහා බැලුවොත් අපිට හොද පාඩමක් අපේ දේශපාලන කරන අයට ලබාගන්න පුළුවන්. අද එක්සත් ජාතික පක්ෂය විනාශ වුණේ පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවුණ කුලල් කා ගැනීම් හා ගැටුම් නිසා. අපි එවැනි තත්ත්ව ඇති කර ගන්නේ නැතිව අපි අපේ සමඟිය රැක ගනිමින් මේ වැඩකටයුතු ඉදිරියට ගෙනියන්න ඕන. අපි කවුරුත් මනාපවලට වෙඩි තියාගන්තෙ නැ. මරා ගත්තේ නෑ. මමත් පටන් ගත්තනම් එවැනි දේශපාලනයක් අද අර කොලොන්නාවේ දේ තමයි වෙන්නේ”