දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා නතර කර නැහැ – අනුර ප්‍රියදර්ශන යාපා
- RSL
- August 26, 2011
- Uncategorized
- අනුර ප්‍රියදර්ශන යාපා, දෙමළ ජාතික සන්ධානය
- 0 Comments
ඊයේ (25 අගෝ.) පස්වරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානය සමඟ කරනු ලබන සාකච්ඡා නතර කර නැති බවත් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා ඉදිරියේ දී සිදු කරන බවත්ය.
ඔවුන් ඉදිරිපත් කරන ලද යම් යම් කොන්දේසි තියෙනවා. ඒවා ගැන සිතා බැලිය යුතුයි. ඕනෑ ම කෙනෙකුට මෙම සාකච්ඡාවලට සම්බන්ධ විය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙවැනි සාකච්ඡාවලදී කෙටි විසඳුම් ගැනීමට නොහැකි බවත් බහුතර ජනතාවක් සඳහා පුළුල් එකඟතාවක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් යටතේ ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.