‘තෙල් සඳහා තේ’ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ

Spread the love

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජාතික ඉරාන තෙල් සමාගම වෙත ලබා දිය යුතු හිඟ මුදල් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණින්  ශ්‍රී ලංකා රජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැවිලි අමාත්‍යංශය සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමක පසුගිය  21 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී අත්සන් තබන ලද බව විදේශ අමාත්‍යාංශය විසින් අද (25) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

ශ්‍රී ලංකාවේ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ කර්මාන්ත, පතල් හා වෙළඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අලිරේසා පේමන්පැක් තම රාජ්‍යයන් නියෝජනය කරමින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ. ශ්‍රී ලංකාව සහ ඉරානය අතර ආර්ථික සබඳතා සම්බන්ධයෙන් පවත්නා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ප්‍රධාන අවධානය යොමු කරමින් මෙම ගිවිසුමට අත්සත් තබන ලදි. ශ්‍රී ලංකා රජය සිදු කළ තෙල් මිලදී ගැනීම් සම්බන්ධයෙන් වන හිඟ මුදල් ගෙවීම තුළින් ඉස්ලාමීය ඉරාන ජනරජය වෙත සිදු කෙරෙන ලංකා තේ අලෙවිය වැඩි කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වේ.

ඉස්ලාමීය ඉරාන ජනරජයේ කර්මාන්ත, පතල් හා වෙළඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අලිරේසා පේමන්පැක් කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරියසහ විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා හමුවූ අතර එහිදී දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ අන්‍යෝන්‍ය අවශ්‍යතා සහ ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා පැවැත්වූහ.

Related Posts