ටෙන්ඩරය පිළිබඳ චෝදනා නිරාකරණය වන තෙක් ගල්අඟුරු ලැබෙන්නේ නැහැ
- Editor
- September 13, 2022
- Uncategorized
- 0 Comments
රජයේ ප්‍රසම්පාදන කටයුතු අනුගමනය කරමින් ටෙන්ඩර් ක්‍රමය මගින් ගල් අඟුරු ලබා ගැනීමට තෝරා ගන්නා ලද අවම ලංසුව ලබා දුන් සැපයුම්කරු, ඔවුන්ට එල්ල කර ඇති චෝදනා නිත්‍යානුකුලව නිරාකරණය කරන තුරු සැපයුම් සිදු කිරීමට නොහැකි බව දැනුම් දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව එම කටයුතු නිත්‍යානුකූලව නිරාකරණය කිරීමටත් ඒ අතරතුර ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීමේ විකල්ප යෝජනා පිළිබඳව සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

