ඉන්දීය නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් මගීන් පැවසූයේ ඔක්තෝබර් 17 සිට 20 දක්වා නවදිල්ලි නුවරදී ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානයේ 5 වැනි රැස්වීම පැවැත්වෙන බවයි. මෙම රැස්වීමට සාමාජික සහ අත්සන් කළ රටවල් 109 ක අමාත්‍යවරුන්, දූත මණ්ඩල සහ නියෝජිතයින් සහභාගී වීමට නියමිත බවයි.

ඉන්දීය විදුලිබල හා නව සහ පුනර්ජනනීය බලශක්ති පිළිබඳ අමාත්‍ය ආර්.කේ. සිං ගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානයේ පස්වන සභාව පැවැත්වේ. ඉන්දියාව මෙම සන්ධානයෙහි වත්මන් සභාපති ලෙස කටයුතු කරයි.

ජාත්‍යන්තර සූර්ය සන්ධානය සියවසේ මෙම ග්‍රහලෝකයේ බලශක්ති සංක්‍රාන්ති ඉලක්කය සඳහා අතිශයින්ම වැදගත් බව ඉන්දීය පුනර්ජනනීය බලශක්ති පිළිබඳ අමාත්‍ය ආර්.කේ. සිං පෙන්වා දුන්නේය. ලෝකයේ වේගවත්ම බලශක්ති සංක්‍රාන්ති අනුපාතය ඉන්දියාව සතු බව සිං පැවසීය.

සූර්ය බලශක්තිය සහ කුඩා විදුලිබල පද්ධතිය, ලාභම බලශක්තිය වන අතර, එය ලොව වෙසෙන සෑම කෙනෙකුටම විදුලිය ලබා ගැනීමේ ප්‍රවේශය සහතික කිරීම සඳහා වන විසඳුම් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. ජාත්‍යන්තර සූර්ය සන්ධානය “බලශක්ති සංක්‍රාන්තිය” පිළිබඳ ජාත්‍යන්තර කැපවීම් ක්‍රියාත්මක කිරීම සඳහා තීරණාත්මක බව ඔහු පැවසීය.

ඉන්දීය නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ ජාත්‍යන්තර සූර්ය සන්ධාන පස්වන රැස්වීමේදී බලශක්ති ප්‍රවේශය, බලශක්ති සුරක්‍ෂිතතාව සහ බලශක්ති සංක්‍රාන්තිය යන තීරණාත්මක කරුණු තුන පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවයි.

ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධාන සාමාජික රටවල ගෝලීය නායකයින් අඩුම සංවර්ධිත රටවල් සහ කුඩා දූපත් සංවර්ධනය වෙමින් පවතින සාමාජික රටවල් සඳහා ක්‍රමලේඛන සහාය සඳහා ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානයෙහි උපායමාර්ගික සැලැස්ම ගැන ද සාකච්ඡා කරනු ඇති බව නිවේදනයේ දැක්වේ.

සංවර්ධනය වෙමින් පවතින සියලුම සාමාජික රටවල ධාරිතා ගොඩනැගීමේ උත්සාහයන් සහ උපදේශන උත්සාහයන් සඳහා සහාය විමට ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානය අපේක්ෂා කරයි.

ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධාන 5 වන රැස්වීම සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතීන් අතර වැඩි එකඟතාවයකට එළඹෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්