ඉන්දියාව ලොව විශාලතම සීනි නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා බවට පත්ව ඇත. එමෙන්ම එහි දෙවන විශාලතම අපනයනකරු බවට පත්ව ඇතැයි ඉන්දීය පාරිභෝගික කටයුතු, ආහාර සහ පොදු බෙදාහැරීම් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ඉන්දීය පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය බදාදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2021-22 ඔක්තෝබර් සිට සැප්තැම්බර් දක්වා වන සීනි කන්නයේ උක් මෙට්‍රික් ටොන් ලක්ෂ 5000කට වඩා වගා කරන ලද අතර, එයින් මෙට්‍රික් ටොන් ලක්ෂ 394ක් සීනි කම්හල් මගින් මෙට්‍රික් ටොන් ලක්ෂ 3574ක සුක්‍රෝස නිෂ්පාදනය කරන ලද බවයි.

මෙයින් එතනෝල් නිෂ්පාදනයට සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 35ක් යොදවා ඇත.

තවද අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ උක් නිශ්පාදනය, සීනි නිෂ්පාදනය, සීනි අපනයනය, උක් මිලදී ගැනීම්,එතනෝල් නිෂ්පාදනය සහ උක් ගාස්තු පියවීමෙන් පසු සියලුම වාර්තා පිහිටුවීමෙන් පසු මෙම කන්නය “ඉන්දියානු සීනි අංශයේ ජල පෝෂක සමයක්” බවට ඔප්පු වී ඇති බවයි.

කිසිදු මූල්‍ය ආධාරයකින් තොරව මෙට්‍රික් ටොන් ලක්ෂ 109.8ක මෙතෙක් වාර්තාගත විශාලතම සීනි අපනයනය 2020-21 වර්ෂයේ සිදු කොට ඇත.එබැවින් මෙම කන්නය දීප්තිමත් කන්නයක් බවට පත්ව ඇත.

ලෝක ව්‍යාප්ත මිල කරණය සහ ඉන්දීය රජයේ ප්‍රතිපත්ති මගින් ඉන්දියානු සීනි කර්මාන්තයේ මෙම ජයග්‍රහණ ලඟාකර ගත හැකි විය. මෙම අපනයනවලින් දළ වශයෙන් රු කෝටි 40,000ක විදේශ විනිමය රටතුලට ප්‍රේරණය විය.

ඉන්දීය මධ්‍යම රජය හා ප්‍රාන්ත රජයන්, ගොවීන්, සීනි මෝල් සහ එතනෝල් ස්කාගාරවල සම්බන්ධීකරණ ප්‍රයත්නයන් සීනි ක්‍ෂේත්‍රයේ සාර්ථකත්වයට හේතු වූ බව අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළේය. එමෙන්ම රටේ හිතකර ආර්ථික පරිසරය මේ සඳහා ධනාත්මක බලපෑමක් ඇති කළ බව එම ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් පවසයි.

2018-19 මුල්‍ය වර්ෂ වල සීනි කර්මාන්තය ආශ්‍රීතව පැවති මූල්‍ය දුෂ්කරතා වලින් මිදි 2021-22 මූල්‍ය වර්ෂයේ ස්වයංපෝෂිත තත්ත්වය දක්වා සීනි කර්මාන්තයට පියමන් කිරීමට රජයේ කාලෝචිත මැදිහත්වීම් බෙහෙවින් මහෝපකාරී වූ බව අමාත්‍යංශය නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබිණ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්