ජනපති චීනයට ලඟා වෙයි.

Spread the love

ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද දින පෙරවරුවේදී චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ලඟා විය.

රුසියාවේ ශාන්ත. පීටර්ස්බර්ග් නුවරදී පසුගිය ජූනි මාසයේදී පැවති ආර්ථික සමුළුව අතරවාරයේදී චීන ජනාධිපති හූ ජින්තාවෝ විසින් කරන ලද ඇරයුමකට අනුව එහි සංචාරය කරන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතුළු දූත පිරිස එහිදී පිළිගනු ලැබුවේ විදේශ කටයුතු නියෝජ්‍ය විධායක ඇමති ෂැන්ග් ෂිවුන් සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ආසියානු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සන් චෙයි ඩොං යන අය විසිනි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙම සංචාරයේදී චීන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී සාකඡා කිරීමට නියමිතය.

RSL

Related Posts