අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඖෂධ හිඟයක්

Spread the love

අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝගීන් සඳහා ඇතැම් ඖෂධවල සහ වෛද්‍ය උපකරණ වල හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාව කියා සිටී.

වේදනා නාශක ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, හෘද රෝගීන් සහ පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ අතුළු තවත් රෝග ගණනාවකටම ලබා දෙන ඖෂධ වර්ග 24 ක පමණ හිඟයක් පවතින බව පෙන්වා දෙන සංගමය, එන්නත් සිලින්ජර්, රුධීර මට්ටම පරීක්ෂා කරන උපකරණ, මැහුම් දැමීමට භාවිතා කරන නූල් අතුළු අත්‍යාවශ්‍ය උපකරණ බොහෝමයක හිඟයක් ඇති බව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් රෝහල් අධිකාරී වෛද්‍යවරයා පවසා සිටින්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයට දනුම් දී ඇති බවයි.

RSL

Related Posts