කිසිදු බලහත්කාරී අතුලුවීමක් සිදුවී නොමැති බව ඇ.එ.ජ. තානාපති කාර්යාලය නිවේදනය කරයි.
- RSL
- August 8, 2011
- Uncategorized
- Sri Lanka Air Force, ජවිපෙ, ශ්‍රී ලංකා රජය
- 0 Comments
ඇමෙරිකානු යුධ ගුවන් යානා, ශ්‍රී ලංකා ගුවන් කලාපය වෙත කිසිදු අයුරකින් බලහත්කාරී ලෙස නොපිව්සිය බව ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.
නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරන්නේ ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා විසින් ශ්‍රී ලංකා ගුවන් කලාපය වෙත කලින් කලට මෙවැනි ආක්‍රමණ සිදු කරන බවයි.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරන්නේ ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් ශ්‍රී ලංකා ගුවන් කලාපය වෙත බලහත්කාරී ලෙස පිවිසීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවත් ශ්‍රී ලංකාව වැනි ස්වෛරීය රාජ්‍යක ගුවන් කලාපයට පූර්ව අවසරයකින් තොරව ඇතුල්වීම හෙලා දකින බවයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් පරීක්ශනයක් කර ජනතාවට නිවැරදි තොරතුරු හෙළි කරන ලෙසත් ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.