මාලදිවයින් විදේශ අමාත්‍ය සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ෂාහිඩ් ඉරිදා ඉන්දියාවට පැමිණියේය. එහිදී ඔහු ඉන්දීය නව උප ජනාධිපති ජග්දීප් ධන්කර් නවදිල්ලියේ දී හමුවිය.

මෙම තොරතුරු බෙදා ගනිමින් ඉන්දීය උප ජනාධිපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, 76 වන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ඔහුගේ ගතික නායකත්වය සහ ඔහුගේ එක්සත් ජාතීන්ගේ සභාපතිධූරය තුළ පුනර්ජීවනය පිළිබඳ විශ්වීය ආකර්ෂණයක් ලබා ඇත යනුවෙනි.

මීට ප්‍රථම ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ෂාහිඩ් හමුවී ඉන්දියාව සහ මාලදිවයින අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළේය.

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක අරින්දම් බග්චි, ට්වීටර් මගින් පැවසූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි 76 වැනි සැසියේදී අබ්දුල්ලා ෂාහිඩ්ගේ දූරදර්ශී නායකත්වය වෙනුවෙන් ඔහුට සුබ පැතු බවයි. මාලදිවයින සමඟ ඉන්දියාවේ ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව ඉන්දීය විදේශ ලේකම්වරයා සාකච්ඡා කළ බවයි.

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලිගේ ඉන්දීය සංචාරයේදී සයිබර් ආරක්ෂාව, ධාරිතාව ගොඩනැගීම, නිවාස, ආපදා කළමනාකරණය සහ යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු ගිවිසුම් හයකට අත්සන් තැබීණ.ඊ‌ට සති තුනකට ආසන්න කාලයකට පසු අබ්දුල්ලා ෂාහිඩ්ගේ සංචාරය සිදුව තිබේ.

මාලදිවයින ඉන්දියානු සාගරයේ ඉන්දියාවේ ප්‍රධාන සමුද්‍ර අසල්වැසියෙකි දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා මෑතකදී විශේෂයෙන් ආරක්ෂක ක්ෂේත්‍රවල විශාල වශයෙන් ශක්තිමත් වී තිබේ.

ඉන්දියාව මාලදිවයිනට ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණය මුදලක් ද ප්‍රකාශයට පත් කර ඇත.මෙමගින් දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා පෙන්නුම් කරයි.