මරූතී-සූසූකිහි සාර්ථකත්වය මගින් ශක්තිමත් ඉන්දු-ජපාන හවුල්කාරිත්වය පෙන්වා දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය., පසුගිය වසර 8 තුළ දෙරට අතර සබඳතා නව තලයකට පැමිණ ඇති බව ද ඔහු පැවසීය.ඔහු මේ බව පැවසූයේ ඉරිදා ගාන්ධිනගර්හි මහත්මා මන්දිරයේදී ඉන්දියාවේ සුසුකි හි 40 වන වසර සැමරීමේ වැඩසටහනක් අමතමින්ය.

ඉන්දීය අගමැති මෝදි පැවසුවේ “මෙම මිත්‍රත්වය විග්‍රහ කිරීමේදී සෑම ඉන්දියානුවෙකුටම දිවංගත ජපාන අගමැති ෂින්සෝ අබේ අනිවාර්යයෙන්ම සිහිපත් වන බවයි.

ගුජරාට්-මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුලට් දුම්රියේ සිට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බනාරාස්හි රුද්‍රක්ෂ් මධ්‍යස්ථානය දක්වා බොහෝ සංවර්ධන ව්‍යාපෘති ඉන්දු-ජපාන මිත්‍රත්වයේ උදාහරණ බව අගමැති මෝදි පෙන්වා දුන්නේ ය.

අද අගමැති කිෂිඩා ද්විපාර්ශික සබඳතාවය ඉදිරියට ගෙන යමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය. “අබේ සාන්” ගුජරාටයට පැමිණ මෙහි කාලය ගත කළ අවස්ථාව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා එය ගුජරාට් වැසියන් ආදරයෙන් සිහිපත් කරන බව ද පැවසීය.

මරූතී-සූසූකිහි වර්ධනය ඉන්දියාව සහ ජපානය අතර ශක්තිමත් ආර්ථික සබඳතා පෙන්වන බව වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා පැවසුවේය.

‍ජපාන අගමැතිවරයා පැවසුවේය ජපාන-ඉන්දියාව උපායමාර්ගික සහ ගෝලීය හවුල්කාරිත්වය” තවදුරටත් වර්ධනය කිරීමට සහ “නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික්” කලාපයක් සාක්ෂාත් කර ගැනීමට කැපව සිටින බවයි.

ජපන් ආහාරපාන සහිත අවන්හල් රැසක් නිර්මාණය කිරීම,ලෝක මට්ටමේ ගොල්ෆ් පිටි සහ ජපන් භාෂාව ප්‍රවර්ධනය කිරීම වැනි ගුජරාටයේ කුඩා ජපානයක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානය ගැන සඳහන් කරමින් ඉන්දීය අගමැති මෝදි පෙන්වා දුන්නේ 2009 වසරේ ආරම්භ වූ වයිබ්‍රන්ට් ගුජරාට් සමුළුවේ හවුල්කාර රටක් ලෙස ජපානය සම්බන්ධ වී ඇති බවයි.

ගුජරාට් ප්‍රාන්තයේ සංවර්ධන ගමනේදී ‘කයිසන්’ගේ දායකත්වය සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, ඉන්දීය රාජ්‍ය ආයතනවල ‘කයිසන්’ ක්‍රමවේදය යොදාගත් බව පැවසීය.එමෙන්ම සුසුකි සමඟ ජපන් සමාගම් 125 ක් පමණ ගුජරාටයේ ක්‍රියාත්මක වන බවද අගමැති මෝදි මෝදී පැවසීය.

ගුජරාටය ලෝකයේ ඉහළම මෝටර් රථ නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස මතු වී ඇති බව ඉන්දීය අගමැති මෝදි ප්‍රකාශ කළේය. ඔහු විසින් ඉන්දියාවේ සුසුකි සමූහයේ ප්‍රධාන ව්‍යාපෘති දෙකකට මුල්ගල් තැබීය.