ඉන්දියාවේ අධ්‍යාපන සහ නිපුණතා සංවර්ධන සහ ව්‍යවසායකත්ව අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් බ්‍රහස්පතින්දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධ්‍යාපන සහ ව්‍යවසායකත්ව අමාත්‍ය අහමඩ් බෙල්හෝල් අල් ෆලාසි හමුවිය.

අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව මෙම හමුවේදී අමාත්‍යවරු දෙදෙනා සාකච්ඡා කළහ.

මෙම හමුව පිළිබඳ ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය ප්‍රධාන් පැවසූයේ අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය සඳහා අපගේ ද්විපාර්ශ්වික සහයෝගීතාව ‍‍පුළුල් කිරීම පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධ්‍යාපන අමාත්‍යවරයා සමග ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවයි.

දෙරටේ අමාත්‍යවරුන් දෙදෙනාම ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දෙරටේ පවතින නිපුණතාවය සහ හැකියාව මත පදනම් වී ඇති සහයෝගීතාය වර්ධනය කිරීමේ අවශ්‍යතාවය මතු කළහ. මෙම සහයෝගීතාවය ජාතින් දෙකේම ප්‍රගමණයට හේතු වන බව ඔවුහු අවධාරණය කළහ.

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දීර්ඝකාලීන ඉහළ රාජ්‍ය තාන්ත්‍රික සබදතා පවත්වයි. දෙරටේම සමෘද්ධිය සඳහා එම සබදතා ඉහල තලයකට ගෙන ඒමට ඔවුන් එකඟ විය.

දෙරටේම උසස් අධ්‍යාපන සහ නිපුණතා ආයතන අතර අධ්‍යයන, පර්යේෂණ සහ කුසලතා සහයෝගීතාවයන් සහ පුළුල් ආයතනික යාන්ත්‍රණය, ද්වි-මාර්ග ශිෂ්‍ය සංචලනය, මගින් ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ පූර්ණ හැකියාවන් අවබෝධ කරගැනීමට උපකාරී වනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්දියානු වෘත්තිකයන් සහ සිසුන් මුහුණ දෙන ගැටලුව ද අමාත්‍ය ප්‍රධාන් විසින් අහමඩ් බිල්හෝල් සමග සාකච්ඡා කළේය. ඔහුගේ යෝජනාවන්ට අහමඩ් බිල්හෝල්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබිණ.ඉන්දියානු උසස් අධ්‍යාපන ආයතන බොහොමයක උපාධි පාඨමාලා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින පිළිගෙන ඇත.

මේ පිළිබඳව ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය අහමඩ් බිල්හෝල් ඉන්දීය සිසුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බැලීමට සහතික වූ බවයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්