ඇ​මරිකාව කව්පි දුන්නේ හිඟන්නෙකුට දෙන විදියට – විමල්

Spread the love

​ඇමරිකානු තානාපතිවරිය සහ පිරිසක් පසුගියදා කව්පි තොගයක් මෙරටට ප්‍රදානය කළේ රාජ්‍යතාන්ත්‍රිකව හිඟන්නෙකුට දෙන ආකාරයට බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

එවැනි ප්‍රදානයක් ලබාදීමේදී එය පැකට් එකක් ලෙස දිය හැකිව තිබූ නමුත්, සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා දෑත දිගු කර සිටින විට ඔවුන් අතට කව්පි ඇට හලමින් එය ප්‍රදානය කළේ, රට පාච්චල් කිරීමට බවත්, එම ප්‍රදානය සිදුකරන්නේ හිඟන්නෙකුට බව රාජ්‍යතාන්ත්‍රිකව පෙන්වීමට බවත් ඔහු පෙන්වා දුන්නා.

මෙරට අමාත්‍යවරුන්ද එවැනි දෑට හසුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Related Posts