ඉන්දීය අගමැති මෝදි හා රුසියානු ජනාධිපති පුටින්ට යුක්ක්‍රේනය පිළිබඳ සාකච්ඡා කරයි

Spread the love

යුක්රේනය සම්බන්ධයෙන් මෑතකාලීන වර්ධනයන් පිළිබඳව රුසියානු ජනාධිපති පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට දැනුම් දුන් බව අගමැති කාර්යාලය පවසයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ කතා කර ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙස ඉල්ලා සිටි බව ඉන්දීය අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඉන්දීය අගමැති කාර්යාලයට අනුව, අගමැති මෝදි රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සහ සංවාදයේ මාවතට ආපසු යාම සඳහා සාමූහික උත්සාහයන් ඉල්ලා සිටියේය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරන අන්දමට රුසියාව සහ නේටෝ කණ්ඩායම අතර ඇති මතභේද විසඳිය හැක්කේ අවංක සංවාදයකින් පමණක් බව අගමැති මෝදි අවධාරණය කළේය.

ඉන්දීය අගමැති කාර්යාලය ට අනුව, අගමැති මෝදි, යුක්රේනයේ සිටින ඉන්දියානු පුරවැසියන්ගේ, විශේෂයෙන් සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ කනස්සල්ල පිළිබඳව රුසියානු ජනාධිපතිවරයාට පැවසීය., ඔවුන්ගේ ආරක්ෂිත පිටවීම සහ නැවත ඉන්දියාවට පැමිණීම සඳහා ඉන්දියාව ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙන බව ප්‍රකාශ කළේය.

ඔවුන්ගේ නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම් කාලීන වැදගත් කරුණු සම්බන්ධයෙන් නිරන්තර සම්බන්ධතා පවත්වා ගෙන යන බවට නායකයෝ එකඟ වූහ.

මේ අතර, රුසියානු ප්‍රහාරයට ලක් වූ නැගෙනහිර යුරෝපීය රටෙහි සිරවී සිටින ඉන්දියානුවන් 16,000 ක් ඉවත් කර ගැනීම සඳහා යුක්රේනයේ ගොඩබිම් දේශසීමා සඳහා රජයේ කණ්ඩායම් යවන බව ඉන්දියාව ප්‍රකාශ කළේය.

පලා යන ඕනෑම ඉන්දියානු ජාතිකයෙකුට ආධාර සැපයීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යාංශ නිලධාරීන්ගේ කණ්ඩායම් යුක්රේනයේ හංගේරියා, පෝලන්ත, ස්ලෝවැකියා සහ රුමේනියා දේශසීමා වෙත යවා ඇති බව ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා බ්‍රහස්පතින්දා විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.

“නිලධාරීන් 20 කට වැඩි පිරිසක් සහිත පාලක මැදිරිය 24×7 පාලනය කරති. රුසියානු භාෂාව කතා කරන නිලධාරීන් යුක්රේනයට යවා ඇත. සිසුන් ආපසු ගෙන්වා ගැනීමට අපි හැකි සෑම දෙයක්ම කරන්නේමු,” විදේශ ලේකම්වරයා පැවසීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්

Related Posts