ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ නෙදර්ලන්ත අගමැති මාර්ක් රූට් බදාදා දුරකථන සංවාදයක් පැවැත්වීය. මෙහිදී ද්විපාර්ශ්වික සබඳතා හා යුක්‍රේනය ඇතුළු ගෝලීය ගැටලු පිළිබඳව ද නායකයන් දේපළ අදහස් හුවමාරු කරගත්හ.

මෙම දුරකථන සංවාදය පිළිබඳ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ ජලය පිළිබඳ අපගේ උපායමාර්ගික හවුල්කාරිත්වය, කෘෂිකර්මාන්තය සහ අධි තාක්‍ෂණික ක්ෂේත්‍රවල සහයෝගීතාවය පිළිබඳ අදහස් හුවමාරු කරගත් බවයි.

නායකයින් දෙදෙනා ජලය පිළිබඳ උපායමාර්ගික හවුල්කාරිත්වය, කෘෂිකර්මාන්තයේ ප්‍රධාන ක්ෂේත්‍ර වල සහයෝගීතාව, අධි තාක්‍ෂණික සහ නැගී එන අංශවල ද්විපාර්ශ්වික සහයෝගීතාවය ඇතුළු ඉන්දීය-නෙදර්ලන්ත ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

රාජ්‍ය නායකයන් දෙදෙනා මෙම සංවාදයේදී ඉන්දීය-යුරෝපා සංගම් සබඳතා මෙන්ම ඉන්දු පැසිෆික් කලාපයේ සහයෝගීතාව ඇතුළු කලාපීය සහ ගෝලීය ගැටලු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.

ඉන්දීය-නෙදර්ලන්ත ද්විපාර්ශික සබඳතා, රාජතාන්ත්‍රික සංචාර යනාදිය මගින් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය වී ඇත.

2017 ජුනි මාසයේදී ඉන්දීය අගමැති මෝදි නෙදර්ලන්තයට සංචාරය කළ අතර 2018 මැයි මාසයේදී නෙදර්ලන්ත අගමැති රූට් ද සිය දෙවැනි ඉන්දීය සංචාරය සිදු කළේය.තවද ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් පසුගිය අප්‍රේල් මස නෙදර්ලන්තයේ සංචාරය කළේය.

2021 අප්‍රේල් 9 වන දින, දෙරටේ අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා මාර්ගගත අතථ්‍ය සමුළුවක් හරහා ‘ජලය පිළිබඳ උපායමාර්ගික හවුල්කාරිත්වය’ දියත් කළහ.එම අතථ්‍ය සමුළුවේදී නවෝත්පාදනය, තාක්ෂණය සහ ඉන්දු-ලන්දේසි ජල සහයෝගීතාවය සකච්ඡා කළ ප්‍රධාන අංග ඇතුලත් විය.එහිදී විශේෂයෙන්ම ඉන්දියාවේ ජලය සම්බන්ධ අභියෝග සහ නෙදර්ලන්තයේ විශේෂඥතාව සහ අත්දැකීම් සම්බන්ධයෙන් දෙපාර්ශවයම ශක්තිමත් සහයෝගීතාවයන් ඉස්මතු කළහ..

2022 දී ඉන්දියාව සහ නෙදර්ලන්තය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වසර ඒකාබද්ධව සමරනු ලබයි. ඉන්දියාවේ සිව්වන විශාලතම ආයෝජකයා නෙදර්ලන්තය වේ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්