ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා නෙදර්ලන්ත අගමැති මාර්ක් රූට් සමඟ දුරකථන සංවාදයක නිරත විය. එහිදී යුක්‍රේනයේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර යුද්ධයෙන් විනාශ වූ ජාතියේ අඛණ්ඩ මානුෂීය තත්ත්වය පිළිබඳ කනස්සල්ල බෙදා ගත්තේය.

සතුරුකම් නැවැත්වීම සහ සංවාදයේ සහ රාජ්‍ය තාන්ත්‍රික මාවතට නැවත පැමිණීම සඳහා ඉන්දියාවේ නිරන්තර ආයාචනය අගමැති මෝදි නැවත අවධාරණය කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

රුසියාව සහ යුක්රේනය අතර දැනට පවතින සාකච්ඡා පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ප්‍රසාදය පළ කළ අතර, ඉක්මන් විසඳුමක් අපේක්ෂා කරන බව ද එහි වැඩිදුරටත් සඳහන්ය.

ගැටුම් පවතින ප්‍රදේශවලින් ඉන්දීය පුරවැසියන් ඉවත් කිරීමේ ප්‍රගතිය සහ විපතට පත් ජනතාව සඳහා ඖෂධ ඇතුළු හදිසි සහන සැපයුම් ආකාරයෙන් ඉන්දියාවේ සහාය පිළිබඳව අග්‍රාමාත්‍ය මෝදි අග්‍රාමාත්‍ය රූට් වෙත දැනුම් දුන් බව එම ප්‍රකාශයේ සඳහන් වේ යැයි ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා 2021 අප්‍රේල් මාසයේදී අගමැති රූට් සමග ඔහුගේ අතථ්‍ය සමුළුව සිහිපත් කළේය. ඉක්මනින්ම ඉන්දියාවේදී අගමැති රූට් පිළිගැනීමට ඔහුගේ කැමැත්ත ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී අගමැති මෝදි සහ අගමැති මාර්ක් රූට් මාර්ගගත ක්‍රමයට අතථ්‍ය සමුළුවක් පවත්වා ඇත.

නායකයන් දෙදෙනා ද්විපාර්ශ්වික සබඳතාවයේ සමස්ත වර්ණාවලිය පිළිබඳව සවිස්තරාත්මක සමාලෝචනයක් කළේය. ජලය ආශ්‍රිත අංශයේ ඉන්දු-ලන්දේසි සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට සහ ජලය පිළිබඳ දැනට පවතින නිල මට්ටමේ කටයුතු අමාත්‍ය මණ්ඩලය දක්වා ඉහළ නැංවීම සඳහා ‘ජලය පිළිබඳ උපායමාර්ගික හවුල්කාරිත්වයක්’ ඇති කිරීමට එකඟ වූහ..

ඉන්දියාව සහ නෙදර්ලන්තය ශක්තිමත් දේශපාලන, ආර්ථික සහ වාණිජ සබඳතා සහ විවිධ ආංශික සහයෝගිතා ඇත.

මේ වසරේ ඉන්දියාව සහ නෙදර්ලන්තය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 75ක් පිරීම සමරනු ලබයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්