ඉන්දියාව අඟහරුවාදා ඇෆ්ගනිස්ථානය වෙත තුන්වන මානුෂීය ආධාර තොගය යවා ඇත. මෙවර ඉන්දියාව යුද්ධයෙන් විනාශ වූ රටට තිරිඟු මෙට්‍රික් ටොන් 2000ක් පාකිස්තානය හරහා යැවූ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඉන්දියාව පෙබරවාරි 22 වන දින පාකිස්තානය හරහා ඇෆ්ගනිස්ථානයට තිරිඟු මෙට්‍රික් ටොන් 2,500 ක් යවා තිබූ අතර එය පෙබරවාරි 26 වන දින ජලාලාබාද් නගරයට ළඟා විය.

මේ මස මුලදී ඉන්දියාව විසින් දෙවන තිරිඟු මෙට්‍රික් ටොන් 2000ක තොගය ඇෆ්ගනිස්ථානයට යවා තිබුණි.

ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි අඟහරුවාදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “අපගේ නොපසුබස්නා උත්සාහය ඇෆ්ගනිස්ථානයේ ජනතාවට අඛණ්ඩව සහය දක්වයි. අද තුන්වන තිරිඟු මෙට්‍රික් ටොන් 2000 ක තොගය ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් නගරයට යවා ඇත. මෙය ඉන්දියාව පරිත්‍යාග කරණු ලබන තිරිඟු මෙට්‍රික් ටොන් 50,000 කොටසකි. ලෝක ආහාර වැඩසටහන විසින් මෙම තිරිඟු මෙට්‍රික් ටොන් 50,000 ඇෆ්ගනිස්ථානයේ බෙදා හරිනු ලබයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 7 වන දින ඉන්දියාව විසින් තිරිඟු ටොන් 50,000 ක් ඇෆ්ගනිස්ථානයට මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට අවසර දෙන ලෙස පකිස්ථානයට යෝජනාවක් කෙරිණ. ඊට අසල්වැසි රට නොවැම්බර් 24 දින ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීය.

මෙයින් පසු, තිරිඟු තොගය ඇෆ්ගනිස්ථානයට යැවීමේ ක්‍රමවේදයන් තීරණය කිරීම සඳහා අසල්වැසි රටවල් දෙකම සමීප සම්බන්ධතා පැවැත්වීය.

ඉන්දියාව විසින් එවන ලද තොග බෙදා හරිනු ලබන්නේ ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන විසිනි.