ආධාරකරුවන්ව නීතිය අනුව ක‍්‍රියාත්මක කිරීමේ වගකීම අපේක්ෂකයින්ට

Spread the love

ජනාධිපතිවරණයට තරග කරන සියලූ අපේක්‍ෂකයන් හා දේශපාලන පක්‍ෂ තම ආධාරකරුවන් මැතිවරණ නීතියට හා නිකුත් කර ඇති ආචාර ධර්මවලට අනුව ක‍්‍රියාකරවීමට කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය.

අපේක්‍ෂකයන්ගේ ප‍්‍රමාණය වැඩිවීම නිසා පසුගිය ජනාධිපතිවරණයට වඩා දෙගුණයකින් පමණ ඡන්ද පත‍්‍රිකාව විශාල වන බවද දැනට තිබෙන ඡන්ද පෙට්ටි ප‍්‍රමාණවත් නොවන නිසා අලූතින් ඡන්ද පෙට්ටි ගෙන්වීමට ද සිදුවන බවත් ඊයේ (07) මැතිවරණ කොමිෂන් සභාවේදී නාම යෝජනා පත‍්‍ර භාර ගැනීමෙන් අනතුරුව අපේක්‍ෂකයන් අමතා මේ බව කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

මේ ඡන්ද විමසීම සාර්ථක වන්නේ ජනමාධ්‍යයේ හැසිරීම උඩයි. ජනමාධ්‍ය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ජනතාව දැනුවත් කරනවා නම් සාධාරණ මැතිවරණයක් පවත්වන්න පුළුවන්.

වර්තමානයේ කවිකොළ, අඬබෙර නොවෙයි මුද්‍රිත, විද්‍යුත් සමාජ ජාලා මගින් වෛරී, අසත්‍ය තොරතුරු දෙනවා නම් ජනමාධ්‍ය හරහායි සිදුකළ යුත්තේ. එවැනි ආයතනවලින් ජනතාවට එවැනි වැරදි තොරතුරු ප‍්‍රචාරය නොවනවානම් සාධාරණ මැතිවරණයක් පවත්වන්න පුළුවන්. නිතරම ජනමාධ්‍ය මගින් තම අපේක්‍ෂකයාට තියෙන අයිතිය අනිත් අපේක්‍ෂකයාටත් තිබෙන බව හැෙඟන ලෙස හිතන්න ප‍්‍රචාරයන් සිදුකළ යුතුයි. එවැනි දේ සිදුකරනවා නම් ප‍්‍රශ්න බොහෝ අඩුවනවා.

RSL

Related Posts