අරපිරිමැස්ම නැතිකමින් දිනකට රුපියල් මිලියන 15ක විදුලියක් අපතේ
- RSL
- November 29, 2011
- Uncategorized
- විදුලිය, ශ්‍රි ලංකා සුනිත්‍ය බල ශක්ති අධිකාරිය
- 0 Comments
අරපිරිමැස්මෙන් විදුලිය භාවිත නොකිරීමෙන් දිනකට රුපියල් මිලියන 15 ක විදුලිය ධාරිතාවක් අපතේ යන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසයි.
එහි බලශක්ති කළමනාකරණ අධ්යක්ෂ එම්.එම්.ආර්.පද්මසිරි මහතා පැවසුවේ ගෘහස්ථ විදුලි පරිහරණයේදී මෙම තත්ත්වය දැකිය හැකි බවය.
අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කිරීමෙන් සෑම නිවසකම විදුලි බිල අඩුකර ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.
එම්.එම්.ආර්.පද්මසිරි පවසන්නේ ඒ සඳහා දැනුවත්භාවය අත්‍යාවශ්‍ය වන බවය.