අයහපත් කාලගුණයෙන් පවුල් 2000කට වඩා අනාථ වෙයි
- RSL
- December 21, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් පවුල් 2,062කට අයත් පුද්ගලයින් 7,025ක් මේ වන විට පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ අතර අද දිනයේත් දිවයිනේ උතුර, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තද වැසි අපේක්ෂාකළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි.
ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රදේශයෙන්.
ඇද හැලුණ අධික වැසි හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකින් ගංවතුර හා පස්කඳු කඩාවැටීම් වාර්තා වුණි.
වැලිමඩ – නුවරඑළියේ මාර්ගයේ සිට හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට ගමන් ගන්නා රේන්දපොල මංසන්ධියේදී නායයෑමකට ලක්වීමෙන් හෝටර්ටන් තැන්නට ගමන් ගන්නා මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.

