හෙට පවත්වන උද්ඝෝෂණයට ජනතාව වෙනුවෙන්වෙන් පෙනී සිටින ඕනෑම කණ්ඩායමකට එක්විය හැකියි – එජාපය

Spread the love

එජාප මහලේකම් පා.ම තිස්ස අත්තනායක මහතා අද (28) කොළඹදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් පැවසූයේ අසාධාරණ ලෙස සිරගතකොට තිබෙන හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, පෞද්ගලික ව්‍යාපාර රජයට පවරාගැනීමට සම්මත කරගත් පනත හකුලාගන්නා ලෙස රජයට බලකිරීම හා ජනතා සහන ලබානොදුන් අයවැයට විරෝධය පලකිරීම මුල්කරගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබෙන බවයි.

එහිදී අත්තනායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ කිසියම් දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් හෝ කණ්ඩායමක් ආණ්ඩුවට එරෙහිනම් ඔවුන් ජනතාව පැත්තේ සිට ගන්නේ නම් පක්ෂ, පාට, ප්‍රතිපත්ති පසෙකින් තබා මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා එක්වන ලෙසට ආරාධනා කර සිටින බවයි.

එමෙන්ම ආණ්ඩුව සෑම විටම උත්සාහ ගනිමින් සිටින්නේ ආණ්ඩුවට එරෙහිව පවත්වන මෙවැනි ව්‍යාපාර වලදී විපක්ෂය අතර අසමගියක් ඇතිකොට සියළු දෙනා බෙදා වෙන්කිරීමට බවත් මෙම විරෝධතා ව්‍යාපාරයට ආණ්ඩුව කුමනාකාරයෙන් බාධා එල්ලකලත් පසු නොබසින බවද  අත්තනායක මහතා එහිදී පැවසීය.

RSL

Related Posts