ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රදීප්ට එරෙහි ලිංගික අල්ලස් චෝදනා!

Spread the love

Pradeep

දින කිහිපයකට පෙර කොළඹ විශ්වවිද්‍යාලයට අයත් හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ආධුනික කතිකාචාර්යවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ අංශාධිපතිවරයෙක් ගැන පුවත් වාර්තා පළ විය. ඒවායේ වැඩි දුරටත් සඳහන් වූයේ එකී ආචාර්යවරයාගේ පත්වීම තාවකාලිකව නවත්වා ඇති බව ය.

මේ පිළිබඳව සොයා බැලූ අපට බොහෝ කරුණු වාර්තා වූයේ ය. මෙකියන ප්‍රදීප් වීරසිංහ නම් ආචාර්යවරයා(?) කෙරෙහි චෝදනා විශාල ප්‍රමාණයක් එල්ල වී ඇති බව දැනගන්නට ලැබුණි.

තම කාමාග්නිය නිවා ගැනීම සඳහා සිසුවියන් දඩයම් කිරීමට අමතරව නවක කතිකාචාර්යවරියන්ට බලපෑම්කර නතු කර ගැනීමට ද සිය අංශාධිපති ධුරය යොදා ගත් බවට වන චෝදනා මේ අතර වෙයි. තමන්ගේ මතයට නොනැමෙන අයගෙන් විභාග කටයුතුවල දී පළිගැනීම මොහුගේ පුරුද්දක් බව ද සමහර ආරංචි මාර්ග අපට සඳහන් කර සිටියේ ය. ව්‍යාජ පර්යේෂණ කටයුතු වෙනුවෙන් මුදල් අනුමත කර ගැනීම් ද මේ චෝදනා අතර පවතින තවත් චෝදනාවකි.

ජනදාස පීරිස්ට සට්ටැඹිකම්කොට විශ්විද්‍යාල පත්වීම ලබා ගත් ප්‍රදීප් වීරසිංහ තමාගේ මේ මූලයන් ඉතා අවලස්සන ආකාරයට මේ හරහා පෙන්වා ඇති අතර, සාධාරණ පරික්ෂණයක් සිදුවේ දැ යි සැක සහිත බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අසාධාරණයට ලක් වූ සමහර පාර්ශ්වයන් අප වෙත සඳහන් කළෝ ය.

විශ්වවිද්‍යාල පද්ධතිය ම වෙළා ගත් මේ අවලස්සන තත්වය වෙනස් කළ යුතු බවට සැකයක් නැත. මෙවැනි සිදුවීම් කෙරෙහි ඇරුණු ඇස් ඇතිව තද ක්‍රියාමාර්ග ගත යුතු ය.

RSL

Related Posts