වමේ පක්ෂ සමඟ සන්ධානයකින් ස්ථිරවම ආණ්ඩුවක් හදනවා – මෛත්‍රී

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී වාමාංශික පක්ෂ සමඟ ඒකාබද්ධව ස්ථිර වශයෙන්ම ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කළා.

වර්තමානයේ පවතින්නේ අතීතයේ මෙරට තුළ පැවැති සාම්ප්‍රදායික ආණ්ඩුවක් බවත් වත්මන් ආණ්ඩුව හා සම්බන්ධ වීමට කිසිදු නිදහස් පක්ෂ සාමාජිකයෙකුට තමා අවසරයක් ලබාදී නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

වත්මන් ආණ්ඩුව මෙහෙය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේ.

RSL

Related Posts