විදුලි බිලේ විවාදය අද

Spread the love

විදුලි බිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී අද(29) පැවැත්වේ.

පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(29) උදේ 9:30 ට රැස්වීමට නියමිතය.

විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමග ජන බලවේගය පක්ෂය විසිනි.

විවාදය උදේ 9.30 සිට පස්වරු 4:30 දක්වා පැවැත්වීමට නියමිත බව කතානායක කාර්යාලය පවසයි.

විදුලි බිල සියයට සියයට 70 කින් වැඩි කිරීමට රජය දැනටමත් තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන ඇතුළු විවිධ පාර්ශව දැනටමත් රජයට විරෝධය පළ කර ඇත.

මේ අතර අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය හෙට (30) ,අනිද්දා(31) , ලබන 1 වෙනිදා සහ 2 වැනිදා පැවැත්වීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අයවැය යෝජනා( අයවැය කතාව) ඉදිරිපත් කරනු ලබන්නේ හෙට(30) පෙරවරුවේය.

ජනාධිපතිවරයා අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව ඊට පසු දින(31) දක්වා කල් තැබෙනු ඇත. ඉදිරි මාස හතරේ රජය වියදම් සඳහා අයවැය විසර්ජන ( සංශෝධන)පනත් කෙටුම්පත අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.

RSL

Related Posts