අද ලෝක ඒඩ්ස් නිවාරණ දිනයයි.
ලෝක සෞඛ්‍යය අමාත්‍යවරුන් 1988 දී පැවති සමුළුවකදී ලෝක ඒඩ්ස් නිවාරණ දිනය සැමරීමට තීරණය කල අතර මේ වන විට ලෝකයේ සෑම රටකම ලෝක ඒඩ්ස් නිවාරණ දිනයට සමගාමීව විවිධ වැඩසටහන් සංවිධානය කරයි.
2010 වසර අවසාන වන විට ලෝකයේ ඒඩ්ස් රෝගය වැළඳී ඇති පුද්ගලයින් සංඛ්‍යාව තුන්කෝටි තිස්හතර ලක්ෂය(3,34,00,000) ඉක්මවා තිබූ අතර මේ වන විට ඒඩ්ස් රෝගය වැළඳීමෙන් මියගොස් ඇති සංඛ්‍යාව විසි ලක්ෂයක්(20,00,000) පමණ වෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඒඩ්ස් රෝගියා වාර්තාවූයේ 1987 වසරේදීයි. ආසියාවේ අඩුම ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාවක් සිටින රට ශ්‍රී ලංකාව වන අතර එම සංඛ්‍යාව 3000 ක් පමණය. මෙම ඒඩ්ස් රෝගීන් 3000 අතුරින් 35 දෙනෙකු අවුරුදු 15 ට අඩු දරුවන් වීමද විශේෂත්වයකි.
ඒඩ්ස් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා 2010 වසරේ සිට 2015 දක්‌වා රුපියල් කෝටි 2000 කට අධික මුදලක් වෙන්කර ඇතැයිද, තවත් රාජ්‍ය නොවන සංවිධානයක් මේ සඳහා රුපියල් කෝටි 250 ක් ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයට ලබා දී ඇති බවද එම වාර්තාවේ.