හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ නිලතල ඉවත් කිරීමට, පළමු යුධ අධිකරණය කළ නිර්දේශයට එරෙහිව අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සම ඊයේ (24 ඔක්.) කැඳවීය.
අභියාචනාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය හමුවේ, එම නඩුව කැඳ වූ අවස්ථාවේදී දෙපාර්ශවයේම නීතීඥයින් ඉල්ලා සිටියේ, ජනවාරි 23 වන දින ඊට අදාළ නඩුවක් කැඳවීමට ඇති හෙයින් මෙම නඩුවත් එදිනම කැඳවන ලෙසයි.
ඊට අවසර දුන් අභියාචනාධිකරණය 2012 ජනවාරි 23 වෙනිදා නඩුව කැඳවීමට නියෝග කළේය.
එහිදී ෆොන්සේකා මහතා මෙසේ අදහස් පළ කළේය.
“ඒකාධිපති ගඩාෆි කාණුවක මැරුණා. සුනඛයෙක් වගේ ලෝකයේ කොහේ ගියත් ඒකාධිපතියෝ වෙන්න හදන අයට අන්තිමට ඕකයි වෙන්නේ, හීන මවල වැඩක් නැහැ. මේ රටේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය තිබුණත් ඒකාධිපතියොන්ට පාර හැදෙනවා. රටට ආදරේ නම් ජනතාවට ආදරේ නම් 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවර වෙන්න ඕන”