මෑතකදී රජය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ අපේක්ෂිත ප්‍රතිඵල නොලබන ආයතන හා නිසි පරිදි ප්‍රයෝජනයට නොගත් දේපළ අත්පත් කර ගැනීමට අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් නුගේගොඩ නාලන්දාරාමාධිපති පුජ්‍ය තීනියාවල පාලිත හිමියෝ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (4වනදා) ගොනු කළහ.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. පෙත්සමේ දැක්වෙන්නේ හදිසි ජාතික කටයුත්තක් ලෙස පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ එය කෙටුම්පත් කර ඇත්තේ රජයේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් නොව පෞද්ගලික නීතිඥ සමාගමක් විසින් බවයි.
එය මෙතෙක් පැවති ක්‍රමයට හාත්පසින්ම වෙනස් ආකාරයකට සිදුකර ඇති බව පෙත්සමෙන් පෙන්වා දී තිබේ.