හැම දෙයක්ම කරනකොට තමන්ගේ මාතෘභූමිය ගැන හිතන්න ඕන – ජනපති

Spread the love

අප සෑමදෙයක්ම සිදුකරන විට තමන්ගේ මාතෘභූමිය පිලිබඳව සිතිය යුතුබවත්, එය හෑල්ලුවට ලක්කිරීමට ඉඩනොදිය යුතුබව කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කර වසර 75ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (05) එම විද්‍යාලයේ පැවැති උත්සවයට එක් වෙමින් කියා සිටියේය.

පොතපත ගැන උනන්දු වෙනවා වගේ ම ක‍්‍රීඩාව පිළිබඳවත් දැයේ දරුවන්ගේ අවධානය යොමු විය යුතු කාලය එළැඹ ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා, 2018 දී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලට මේ දරුවන් සූදානම් කළ යුතු බව ද මෙහි දී අවධාරණය කළේය.

“තිස්ස පුනරුදය” වැඩසටහන යටතේ තිස්ස විද්‍යාලයේ ඉදිරි දියුණුව සඳහා ඉදිරිපත් කර ඇති වැඩසටහනට ප‍්‍රාදේශීය දේශපාලඥයින්ගේ සහයට අමතර ව රජයෙන් රු. මිලියන 50ක් ලබාදීමට සූදානම් බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ, වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන, නිර්මල කොතලාවල යන මහත්වරුද එක්ව සිටියහ.

RSL

Related Posts