‘දිවයින’ පුවත්පත වාර්තා කරන ආකාරයට කොළඹ, මාතලේ, ත්‍රිකුණාමලය, පුත්තලම, නුවරඑළිය සහ කෑගල්ල දිස්‌ත්‍රික්‌ක තුළ පිහිටි රජයට අයත් ඉඩම් අක්‌කර දෙදහසක් දීර්ඝකාලීන බදු පදනම යටතේ ප්‍රධාන සමාගම් එකොළහකට ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
සංචාරක, කෘෂිකාර්මික, ජල විදුලි, සුළං, විදුලිබල සහ ලුණු ලේවායන් ඉදිකිරීම සඳහා මෙම ඉඩම් ලබාදීමට නියමිත අතර අනූනව අවුරුදු, පනස් අවුරුදු සහ තිස් අවුරුදු බදු පදනම මත මෙම ඉඩම් ලබාදීමට සැලසුම් කර ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයට අයත් ඉඩම් කට්‌ටි කිහිපයක් සංචාරක ව්‍යාපෘතියක් සඳහා ලබාදීමට සැලසුම් කර ඇත්තේ අනූනව අවුරුදු බදු පදනම මත බව සඳහන්.
Loading...