මත්ද්‍රව්‍ය සහ පාතාලය මෙරටින් සම්පුර්ණයෙන්ම තුරන් කරනවා – ආරක්‍ෂක ලේකම්

Spread the love

ලෝකයේ සිදු කෙරෙන විශාලම ජාවාරම වූ මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ආයුධ සහ පාතාලය මෙරටින් සම්පුර්ණයෙන්ම තුරන් කරන බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි ලෙස අවධාරණය කරයි.

මේ දරුණු ජාවාරම් තුරන් කිරීම සඳහා පොලිසියට අමතරව ආරක්‍ෂක අංශවල හොඳම බළඇණිවල සාමාජිකයන්ද යොදා තිබේ. ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා රජය සුවිශේෂි සැලසුමක් මත ක්‍රියා කළේය. ඒ ආකාරයටම මත්ද්‍රව්‍ය ගිනි අවි සහ පාතාලය තුරන් කිරීමේ මෙහෙයුමද සිදු කෙරෙන්නෙ එවැනිම සැලසුමකට අනුව බවද ආරක්‍ෂක ලේකම්වරයා පවසයි.

ආරක්‍ෂක ලේකම්වරයා මෙම තොරතුරු, හෙළිදරව් කළේ පසුගිය දා (25 ඔක්.) ජාතික රූපවාහිනිය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීය.

මත්කුඩු ජාවාරම ලෝකයේ බොහෝ රටවල මහා පරිමාණයෙන් සිදු වෙයි. විවිධ ජාවාරම්කරුවන් හරහා ඒවා මෙරටට ගෙන්වීම සිදු කෙරෙයි. ඔවුන්ගේ සෙසු නියෝජිතයන් ඒවා රටපුරා බෙදා හරියි. පසුගිය කාලයේ ආරක්‍ෂක අංශ ආරම්භ කළ මෙහෙයුම් නිසා මේ වන විට මෙරටට එන මත්කුඩු ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී තිබේ.

නාවික හමුදාව සෙසු ආරක්‍ෂක අංශ සමඟ සම්බන්‍ධ වෙමින් හොර මුහුදු මාර්ග ඔස්සේ මෙරටට එන කුඩු ජාවාරම්කරුවන් කොටුකර ගැනීමේ මෙහෙයුම සිදුකරයි. රට තුළ මෙහෙයුම සෙසු ආරක්‍ෂක අංශ විශාල කැපවීමකින් යුතුව සිදු කරන බව පවසන ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි කාලයේ දී මෙම ජාවාරම අනිවාර්යයෙන්ම මෙරටින් තුරන් කෙරෙන බවද කීය.

RSL

Related Posts