මෙරටට බාල පෙට‍්‍රල් ගෙන්වීමේ සිද්ධියට අදාළව සිදුකල ත්‍රීපුද්ගල කමිටු පරීක්ෂණයකින් චෝදනා එල්ල වී ඇති ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය වාණිජ කලමණාකාර උදය දොළොස්වල මහතා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි වාර්තා වේ.
සියලු වැටුප්, දීමනා සහිතව විනය පරීක්ෂණයකට යටත්ව මෙම නිලධාරියා නිවාඩු යැවීමට පසුගියදා රැස්වූ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.
අනිවාර්ය නිවාඩු යවා ඇති කළමණාකාරවරයා සම්බන්ධයෙන් සංස්ථාව විසින් විනය පරීක්‍ෂණයක්ද ආරම්භ කර ඇත.
මේ අතර බාල පෙට‍්‍රල් ගෙන්වීමේ සිද්ධියට අදාළව සොයා බැලීමට සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පත්කළ ත්‍රීපුද්ගල කමිටු වාර්තාව මෙතෙක් තෙල් සංස්ථාවට ලැබී නොමැති බවද වාර්තාවේ.
Loading...