පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය වැඩි වන ලකුණු

Spread the love

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කරන්නේ එම වෛද්‍ය විද්‍යාලයෙන් දේශීය සිසුන්ට අධ්‍යාපන අවස්ථා රැසක් නොමිලේ හිමිවන බවත් කුමන බාධා පැමිණිය ද උසස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට ඉදිරියටත් අවස්ථාව ලබාදෙන බවත්ය.

නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් දේශීය වෛද්‍ය උපාධිය පිරිනැමීමට මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නිත්‍යානුකූලව බලතල ලබා දී ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර කොළඹ ඊයේ (03 සැප්.) පැවති මාධ්‍ය හමුවකදී පැවසිය. මෙමගින් මෙරට දරුවන්ට උපාධියක් ලබාගැනීමට තිබූ සමාන අයිතිය උල්ලංඝණය කර ඇතැයි ඔහු ආණ්ඩුවට දැඩි ලෙස චෝදනා කළේය.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වෛද්‍යවේදී සහ ශල්‍ය වෛද්‍යවේදී උපාධි පිරිනැමීම සඳහා ලබාදුන් නෛතික අවසරය රටේ නිදහස් අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කරන්නක් මෙන්ම රටේ වෛද්‍ය අධ්‍යාපනයේත් වෛද්‍ය වෘත්තියේත් ‍ගරුත්වය හෑල්ලුකරන අමනෝඥ ක්‍රියාවක් බව ද සංජීව බණ්ඩාර මහතා එහිදී අවධාරණය කළේය.

එමෙන්ම මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පසුගිය දිනක පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මේ සම්බන්ධයෙන් තම විරෝධය පල කළේය.

RSL

Related Posts