ජූඩෝ ශූරියට ජනපති සුභ පැතුම්

Spread the love

ඉන්දියාවේ ලක්නව්හි පැවති එක්ස්පෝ 2010 ජූඩෝ තරගාවලියේ කිලෝ ග්රෑම් 48 බර පංතියේ පළමු ස්ථානය දිනූ මධුරානි ලියනගේ ශිෂ්‍යාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් අරලියගහ මැඳුරේ දී සුබපැතුම් හිමිවිණි.

මධුරානි ශිෂ්‍යාව කෑගල්ල රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර එම පාසලේ දරුවන් පසුගිය දා අරලියගහ මැඳුර නැරඹීමට පැමිණි අවස්ථාවේ දී ජනාධිපතිතුමා හමුවන්නට ඇයට අවස්ථාව ලැබිණි.

ජනාධිපතිතුමා ඇයට සුබපැතූ අතර පාසලේ දරුවන් සහ ආචාර්ය මණ්ඩලය ද සමඟ පිළිසඳරක ද යෙදී සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

RSL

Related Posts