පුද්ගල පැහැර ගැනීමකට එරෙහිව කොටහේන ජම්පටා වීදිය ප්‍රදේශයේ අදත් විරෝධතාවක් පැවැත්වේ.
ඊයේ(05) සවස 2.30 ට පමණ සුදුවෑන් රියකින් පැමිණි සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන යනු ලැබූ ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු නැමැත්තා වහාම නිදහස් කරන ලෙස විරෝධතාවට එක්වුවෝ ඉල්ලා සිටිති.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේල ප්‍රදේශයේ ආරක්ෂාවට විශේෂ පොලිස් නිලධාරින් කණ්ඩායමක් යොදවා ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ සමීප ආධාරකරුවකු බව කියන ක්‍රිස්‌ටෝපර් ප්‍රනාන්දු නමැත්තා, පැහැර ගැනීමත් සමග කෝපයට පත් ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ජම්පටා වීදිය ප්‍රදේශයේ මාර්ග අවහිර කරමින් ටයර් පුළුස්‌සා ඊයේ (5 ) දිනද විරෝධතා දැක්‌වූහ.
ක්‍රිස්‌ටෝපර් ප්‍රනාන්දු නමැත්තා පිටකොටුවේ ව්‍යාපාරිකයන්ට මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකි.
එහෙත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන්ද හෙතෙම චෝදනා ලබා ඇති බවයි.
ඔහු සිය මිතුරන් දෙදෙනකු සමග දිවා ආහාරය ගැනීම සඳහා ජම්පටා වීදියේ පිහිටි සිය නිවසට ත්‍රිරෝද රථයකින් යන විට සුදු වෑන් රියකින් සන්නද්ධව පැමිණි පිරිසක් මිතුරන් දෙදෙනාට පහරදී පලවා හැර ක්‍රිස්‌ටෝපර් ප්‍රනාන්දුගේ හිසට පිස්‌තෝලයක් එල්ල කර වෑන් රියේ නංවාගෙන ගොස් තිබේ.
දුමින්ද සිල්වා මහතාගේ මැතිවරණ කටයුතුවලදී හෙතෙම විශාල වශයෙන් මුදල් වැය කරමින් සහය ලබාදී ඇත.