දුමින්ද සිල්වා ඝාතන සැකකරුවකු නොවෙයි – අමාත්‍ය නිමල් සිරිපාල

Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සැකකරුවෙකු නොවන බැවින් ඔහුට විදේශගතවී ප්‍රතිකාර ලබා ගැනීමට බාධාවක් නොමැති බව සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වැඩබලන විපක්ෂ නායක ජෝන් අමරතුංග මහතා ස්ථාවර නියෝග 23(2)අ යටතේ මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, අමත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (11 )පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසිය.

රටේ අපරාධ ඉහළ යෑම පිළිබඳ ව රජය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි යන්න සහ පසුගිය දා කොළොන්නාවේදී ඇති වූ වෙඩි තැබීමේ දී තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් මෙතෙක් ප්‍රකාශයක් සටහන් නොකළේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා ප්‍රශ්න කළේය.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් කැඳවනු ලැබූ වාර්තාවක් සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින්, 2011-10-8 දින මුල්ලේරියාවේ දී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලැබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ 2011.11.01 දින දක්වා ප්‍රතිකාර ලබාගෙන ඇති අතර දුමින්ද සිල්වා මහතාගේ ප්‍රකාශයක් ලබාගැනීමට හැකියාවක් ඇති දැයි වෛද්‍යවරුන් හමු වී සාකච්ඡා කළ බවත් පුද්ගලික ව රෝගියා පරීක්ෂා කළ බවත් නමුත් එහි දී මෙම රෝගියාගේ හිසට සිදු වූ තුවාල හේතුවෙන් සිහිමඳ ගතියක් හා පැහැදිලි ව කතා කිරීමට හැකියාවක් නො තිබූ බැවින් ඔහුගේ ප්‍රකාශයක් සටහන් කිරීමට සුදුසු තත්ත්වයක නො වූ බවත් නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තාකරනු ලැබ ඇති බව අමාත්‍යවරයා පැවසී ය.

 

[youtube etXdooCh6WM]

RSL

Related Posts