දකුණු ආසියාවටයි යුරෝපයටයි කුඩු බෙදන්නේ ලංකාවෙන් – සරත් ෆොන්සේකා

Spread the love

යුද හමුදාවෙන් පැන ගිය සෙබළුන් 10 දෙනෙකුට නවතැන් හා වැටුප් ලබා දී ඔවුන් රාජපාක්ෂිකභාවයෙන් ඉවත් කිරීම යන චෝදනාව ඇතුළුව තවත් අධිචෝදනා 41 ක් යටතේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සහ යුද හමුදාවේ විශ‍්‍රාමික කපිතාන්වරයෙකු වන සේනක ද සිල්වා මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවට පෙනී සිටීමට බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණය වෙත සරත් ෆොන්සේකා මහතා රැගෙනවිත් තිබුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලී විජේසුන්දර මහත්මිය හමුවේ අද නඩුව කැඳවනු ලැබූ අතර මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, නඩු විභාගයට සූදානම් වීම සඳහා නඩුව වෙනත් දිනයකට කල් තබන ලෙසයි. මෙහිදී රජය වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ දමිත් තොටවත්ත මහතා එයට විරෝධය පළ කළේය. කෙසේ වුවුද කරුණු සලකා බැලු අධිකරණය නඩුව 2012 ජනවාරි මස 23 වෙනි දිනට කල් තැබීය.

අධිකරණ භූමියෙන් පිටව යන අවස්ථාවේදී සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

“හිරුණිකා දුව කියලා තියෙනවා, ආරක්‍ෂක ලේකම් කිවුවලූ කොළඹ ඡන්ද කරන්න බෑ පාතාලය නැතුව කියලා. මම ඡන්ද කරේ හිරේ ඉඳගෙන මගේ බිරිඳ තමයි ඡන්ද කළේ මේ වගේ කතා කියන්නේ කලිසමක් ඇඳගෙනද දන්නේ නෑ. දැන් ලංකාව ආසියාවේ ආශ්චර්ය කොහොම වුනත් දකුණු ආසියාවටයි යුරෝපයටයි කුඩු බෙදන්නේ ලංකාවෙන් ආශ්චර්යක් වෙලා තමයි නවතින්නේ”

[youtube 9dYjQwOhXHU]

RSL

Related Posts