තුර්කියේ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් දසකට වඩා ජීවිතක්ෂයට

Spread the love

තුර්කියේ, වෑන් නගරයට කිලෝ මීටර් 35 ක් ඊසාන දෙසින් සහ කිලෝ මීටර් 94.5 ක් පොළව අභ්‍යන්තරයේ ප්‍රභල සිදුවූ භූ චලනයක් හේතුවෙන් පුද්ගලයන් දහසකට අධික ප්‍රමාණයක මිය ගොස් ඇතැයි වාර්තා වේ.

භූ චලනය වූ විගස විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 7.6ක් ලෙස සටහන් වූ බවයි.

මේ අතර භූ කම්පනයෙන් 1000ක් පමණ ජිවිතක්ෂයට පක්ව ඇති බවට අනුමාන කෙරෙන බව තුර්කි භූ කම්පන මධ්‍යස්ථානය උපුටා දක්වන විදෙස් වාර්තා පවසයි.

තුර්කි රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය අනාවරණය කරන්නේ පුද්ගලයින් 50දෙනෙකු පමණ සිද්ධියෙන් තුවාල ලබා ඇති බවයි.

භූ චලනයෙන් වෑන් නගරයේ ගොඩනැගිලි 10ක් කඩා වැටී ඇති අතර අර්සිස් නගරයේ ගොඩනැගිලි 25ත් 30ත් අතර සංඛ්‍යාවකට හානි වී ඇති බව බී.බී.සී. වාර්තාවේ දැක්වේ.

RSL

Related Posts