සත්වැනි ලෝක කුසලාන රග්බි තරඟාවලියේ ශූරතාවය නවසීලන්තයට

Spread the love

සත්වැනි ලෝක කුසලාන රග්බි තරඟාවලියේ ඊයේ (23 ඔක්.) පැවති අවසන් තරගයේදි නවසීලන්තය ප්‍රංශය පරාජය කරමින් දෙවැනි වරටත් රග්බි ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය.

ඕක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයේ පළමු අර්ධයේදි ලකුණු 5 ට 0 ක් ලෙස නවසීලන්තය ඉදිරියෙන් සිටියේය.

තරඟය අවසන් වුණේ ලකුණු 8 ට 7 ක් ලෙස සත්කාර නවසීලන්තයට ජය හිමිකර දෙමිනි.

නවසිලන්ත කණ්ඩායම මීට පෙර අවස්ථා තුනකදී ලෝක කුසලාන රග්බි අවසන් තරඟවලට සුදුසුකම් ලැබූ අතර කුසලානය දිනා ගැනීමට හැකි වුණේ එක් අවස්ථාවකදී පමණි.

1987 වසරේදී ප්‍රංශය සහ නවසීලන්තය අතර පැවති ලෝක කුසලාන රග්බි අවසන් තරඟයෙන් ලකුණු 29ට 9ක් ලෙස නවසීලන්තය ජය ගත්තේය.

RSL

Related Posts