තැපැල් සේවක වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ අවසන් කරන බවට දැනුම් දී ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, වර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ගොඩ ගැසීමක් සිදු නොවූ බව ය.
සමස්ත තැපෑල ම වර්ජනයට එක්ව ඇති බැවින් ලිපි භාර ගැනීමක් සිදු නොවීම ඊට හේතුව බව ද තැපැල්පතිවරයා සඳහන් කළේ ය.
මේ අතර ඒකාබද්ධ තැපල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, තම ගැටලු සඳහා නිසි විසඳුමක් ලබා නොදුන්නොත් යළි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ය.
Loading...