තම දරුවන් අතුරුදහන්ව සිටින දෙමළ මව්වරුන් තම දරුවන් සොයා දෙන්නැයි රජයෙන් ඉල්ලති

Spread the love

අතුරුදහන් වූවන්ගේ ලෝක දිනය නිමිත්තෙන් කි‍්‍රස්තියානි සිවිල් සමාජ සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කරන ලද රැස්වීමක් ඊයේ (සැප්. 01) කොළඹදී පැවැත්විණි. ඊට සහභාගී වූයේ තම දරුවන් අතුරුදහන්ව සිටින දෙමළ මව්වරුන් පිරිසකි.

ජනවාර්ගික අර්බුදය පැවති සමයේ අතුරුදහන් වූ තම දරුවන් පිළිබඳව සොයා බලා නියම තත්ත්වය හෙළි කරන්නැයි එම මව්වරුන් ආණ්ඩුවට කියා සිටියේය.

මානව හිමිකම් කි‍්‍රයාකාරීන් වන බි‍්‍රිටෝ ප‍්‍රනාන්දු හා නිමල්කා ප‍්‍රනාන්දු සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ සුමන්තිරන් ද එම අවස්ථාව ඇමතීය.

ශී‍්‍ර ලංකාවේ අතුරුදහන්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 12,000ක් පමණ වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඔවුන් අතුරුදහන් වීමට ආණ්ඩුව මෙන්ම එල්ටීටීඊය ද වගකිවයුතු බව පැවසේ.

Loading...

RSL

Related Posts