ජූලි 9 වනදා පටන් රටම චිත්‍රපටියක්

Spread the love

විදේශ ආයෝජන ලබා නොගෙන රට දියුණු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව රට ඉදිරියට ගෙනයාමට නම් ඉදිරි මාස කිහිපයේ ආණ්ඩුවේ යාන්ත්‍රණය වෙනස් කළ යුතු බවයි Zoom ඔස්සේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

පළමුවෙන් සිදුකළ යුත්තේ බැංකු ශක්තිමත් කිරීම සඳහා ඒවා ප්‍රතිව්‍යුහගතකරණය බවද, ඒ තුළින් ව්‍යාපාර ගණනාවක් බංකො‍ළොත් තත්ත්වයෙන් ඉවත් කළ හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

මෙම සම්මන්ත්‍රණය අතරතුර, මෑතකදී ජනාධිපතිවරයා චිත්‍රපටයක් නැරඹුවාද යන්න මාධ්‍යවේදියා ප්‍රශ්නයක් නැඟූ අතර, එයට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ජූලි 9 වනදා සිට රට තුළ තිබෙන්නේද චිත්‍රපටයක් බවත්, එය කොටස් රාශියකින් සමත්විත වන අතර එහි පළමු Season එක තවම අවසන් වී නොමැති බවයි.

Related Posts