ජවිපේ කැරලිකාර කණ්ඩායම ජනතා අරගල ව්‍යාපාරය නමින් ආරම්භ කර ඇති බව ඒ සංවිධානයේ පළමු මාධ්‍ය සාකච්ඡාවෙදි අනාවරණය විය.
මෙහි දී අදහස් දැක්වූ එම ව්‍යාපාරයේ දේශපාලන කටයුතු ලේකම් පුබුදු ජයගොඩ මහතා.
”අපට සමාජය තුළ මිථ්‍යාවට විරුද්ධව අරගලයක් තිබෙනවා. නොදැනුමට විරුද්ධව දැනුම සඳහා අරගලයක් තිබෙනවා. අවිචාරත්වයට එරෙහිව විචාර බුද්ධිය වෙනුවෙන් අරගලයක් තිබෙනවා. මිනිස් සබඳතා නැති කර මිනිසුන් වෙළඳ භාණ්ඩ බවට පත් කර තිබියදී ඊට එරෙහිව මිනිස්කම වෙනුවෙන් අරගලයක් තිබෙනවා. ඒ නිසා සෑම ක්ෂේත‍්‍රයකම අපට අරගලයක් තිබෙනවා. ඒ වගේම තමන්ගේ ප‍්‍රශ්න ගැන විතරක් කතා නොකර අනෙක් අයගේ ප‍්‍රශ්න ගැනත් කතා කරන තත්වයට සමාජය ගෙන එන්න ඕනෑ.”
”මීගමුව කළපුවේ ධීවරයින් තමන්ට කලපුව අහිමි කිරීමට විරුද්ධව අරගලයක් කළා. ඒ වගේම ප‍්‍රගතිශීලි ආර්ථික විද්‍යාඥයින් කොළඹදී මාධ්‍ය හමු පවත්වමින් නිෂ්පාදන ආර්ථිකය සේවා ආර්ථිකයට යට කිරීම ගැන කරුණු දැක්වූවා. දැන් අවශ්‍ය වෙන්නේ ඒ දැනුම මීගමුවේ ධීවරයාට ලබා දිය යුතුයි. ඒ සඳහා ධීවරයින් හා ප‍්‍රගතිශීලි ආර්ථික විද්‍යාඥයින් අභිමුඛ කරන්න ඕන. පීඩාවට පත් වෙලා ඉන්න මිනිසුන්ට තමන්ගේ ජීවිතවලට එල්ල වෙලා තිබෙන පීඩනය තේරුම් ගන්න කලාකරුවන්ගේ සහාය අවශ්‍යයි.”
”ඉතිහාසයේ නිතරම හුදකලා අරගල කෙළවර වෙන්නේ ප‍්‍රතිගාමීත්වයෙන්. ඊජිප්තුවේ ජනතාව ඒකාධිපති පාලනයට විරුද්ධ අරගලයක් කළා. දැන් ඔවුන් එම අරගලයෙන් පස්සේ පත් වුණු හමුදා පාලනයට එරෙහිව අරගල කරනවා. ඒ වෙනුවට එම අරගල සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම දක්වා පෙරට ගෙන යා යුතුයි.”
”දුම්රියේ රියදුරා විතරක් මාරු කරලා ප‍්‍රමාණවත් නැහැ, දුම්රිය ගමන් කරන පීල්ල පවා වෙනස් විය යුතුයි කියන සංඥාව සමාජයට දිය යුතුයි.” යැයි ජයගොඩ මහතා එහි දී අදහස් දක්වමින් කියා සිටියා.
ජන අරගල ව්‍යාපාරය එළිදැක්වීම එළඹෙන දෙසැම්බර් මස 13 වැනි දින සවස 3.00ට කොළඹ හයිඞ් පිටියේදී පැවැත්වීමට නියමිත බවත් එම ව්‍යාපාරයේ ප‍්‍රධානීන් හඳුන්වා දීමද මෙම මාධ්‍ය හමුවේ දී සිදු විය.