චිලී ගුවන් අනතුරෙන් 21 දෙනෙකු ජීවිතක්ෂයට

Spread the love

පැසිපික් සාගරයේ රටවල් පෙළකට ගමන් ගත් චිලී ගුවන් සේවාවේ ගුවන් යානයක් සිකුරාදා අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් විසිඑක් දෙනාම මියගිය බව එරට ආරක්‍ෂක අමාත්‍යාංශය සෙනසුරාදා (03 සැප්.) පැවැසීය.

සිකුරාදා (02 සැප්.)  රාත්‍රියේ සිට මියගිය අයගේ සිරුරු සොයා රොබින්සන් කෲසෝ දූපත අවට විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක කර ගුවන් යානයේ සුන්බුන් කොටස් කිහිපයක් සොයාගැනීමට හැකිවී ඇති අතර, දැනට සොයාගෙන ඇත්තේ මළ සිරුරු හතරක් පමණි.

මෙම මෙහෙයුම් කටයුතුවලට සහාය දීමට එරට ධීවරයින් කණ්ඩායමක් ද එක්ව සිටී. කාසා 212 යානය අනතුරට ලක්වීමට පෙර දෙවතාවක්ම ගොඩබිමට පාත් කිරීමට උත්සාහ දරා ඇතත් එම ප්‍රයත්නය අසාර්ථක වූ බව මෙහෙයුම් මැදිරිය පවසයි. ප්‍රබල සුළං හේතුවෙන් සැහැල්ලු ගුවන් යානය ගසාගෙන යාම අනතුරට හේතුව බව සඳහන්ය.

.

RSL

Related Posts